උණුසුම් පුවත්
2025 ජාතික ගෘහස්ත ඔරුපැදීමේ ශූරතාවලියේ ජය යුද්ධ හමුදා ඔරු පැදීමේ කණ්ඩායමට
2025 ජාතික ගෘහස්ථ ඔරුපැදීමේ ශූරතාවලිය, දියවන්නා ඔරුපැදීමේ මධ්‍යස්ථානයේදී 2025 ජනවාරි මස දින 31 සිට පෙබරවාරි මස 01 දින දක්වා පැවැත්විණි. ත්‍රිවිධ හමුදා, ක්‍රීඩා සමාජ, විශ්වවිද්‍යාල සහ පාසල් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා ඔරුපැදීමේ කණ්ඩායම සමත්වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක
තවද, කැලලක් විය හැකි ක්‍රියාකාරකම්වලට ගොදුරු නොවී සොල්දාදුවෙකු ලෙස අභිමානවත්ව සමාජය තුළ කටයුතු කරන ආකාරය පැහැදිළි කළේය. විශේෂයෙන් මාර්ගගත සූදුවෙහි අන්තරායන් පිළිබඳව අනතුරු අඟවමින්, සන්නද්ධ හමුදා සාමාජිකයන් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම, විනය සහ කාර්යක්‍ෂමතාවයට හානි කළ හැකි දේවල් වලට යොමු වීමෙන් වැළකී සිටීමටත්, ඔවුන්ගේ වෘත්තීය වගකීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් එතුමන් යුද්ධ හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
77 වන නිදහස් දිනය වෙනුවෙන් උතුරු හා නැගෙනහිර පළාත් පුරා සැමරුම් උත්සව
77 වන නිදහස් දිනයට සමගාමීව උතුරු හා නැගෙනහිර පළාත් පුරා නිදහස් සැමරුම් උත්සව මාලාවක් 2025 පෙබරවාරි මස 04 දින සංවිධානය කර තිබුණි.
කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට උපහාර
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දී අද (2025 පෙබරවාරි මස 07) දින පැවැත්විණ. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ද එක් වූවාය.
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපතිතුමන් හට එම තනතුර දක්වා පැමිණි ගමනේදී විද්‍යාලයෙන් ලද පන්නරය ඉතා සුවිසල් විය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුඳුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පි සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගනිමින් ආශිර්වාද ලබාගනි
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 පෙබරවාරි මස 05 දින ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වැඳපුදාගනිමින් ආශිර්වාද ලබාගත්හ.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන රණවිරු ඇපරල් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි
රණවිරු ඇපරල් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩල සාකච්ඡාව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 30 දින පැවැත්විය.
එම අවස්ථාවට සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තුමන්ව රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එතුමන් විසින් රණවිරු ඇපරල් ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 පෙබරවාරි මස 05 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරතවිය.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ අතිගරු තානාපතිනී මියොන් ලී මැතිනිය, 2025 පෙබරවාරි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොන්ග්යි යුන් මහත්මිය ද සහභාගී විය.
රෙජිමේන්තු අධිපතිතුමන් 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2025 ජනවාරි මස 31 දින 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.