සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මස 5 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

මෙම අවස්ථාව සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විධායක සාමාජික අෂ් ෂෙයික් ෆාසිල් ෆාරුක්, ජ්‍යෙෂ්ඨ විධායක සාමාජික අෂ් ෂෙයික් එස්. එල් නව්ෆර් සහ මහජන සම්බන්ධතා විධායක සාමාජික අෂ් ෂෙයික් පී. එල් සල්මාන් යන මහත්වරුන් සහභාගි වූහ.