උණුසුම් පුවත්
ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයෙන් බළලත් නිලධාරි I නදීෂා ලේකම්ගේ රිදී පදක්කමක් හිමිකර ගනී
2025 අගෝස්තු මස 22 දින දකුණු කොරියාවේ පැවති ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේදී 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I එච්.එල්.එන්.ඩී ලේකම්ගේ මීටර් 57.53 ක දුරක් වාර්ථා කරමින් රිදී පදක්කමක් හිමිකර ගත්තාය.
යුද්ධ හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
ඉන්දි පදනමේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, පිළිකා රෝගයෙන් පෙළෙන එම පදනමේ දරුවන් පිරිසක් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2025 අගෝස්තු මස 23 දින රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී.
2025 ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකා සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමට පදක්කම් රැසක්
ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලිය - 2025, තායිලන්තයේ හැට්යායි හිදී 2025 ජුලි මස 22 දින සිට 27 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා පිරිමි සහ කාන්තා යන අංශවලින් ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටි රටවල් 16ක් සහභාගී විය. මෙම තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ජාතික සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමේ දක්‍ෂතා පහත පරිදි වේ.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති RSP USP, 2025 අගෝස්තු මස 21 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය සාර්ථකව අවසන්
60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 අගෝස්තු මස 20 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අවසන් විය.
යුද්ධ හමුදා මූලස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
යුද්ධ හමුදා මූලස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් ධූරයේ රාජකාරීන් භාරගනු ලැබූ බලලත් නිලධාරි I කේ.ජී.එම් ප්‍රියන්ත RSP, 2025 අගෝස්තු මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ඉන්දුනීසියානු තානාපතිතුමිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ඉන්දුනීසියානු ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිනි දේවි ගුස්ටිනා මහත්මිය 2025 අගෝස්තු මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිල සංචාරයක
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc විසින් 2025 අගෝස්තු මස 18 දින යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පළමු නිල සංචාරය සිදු කරන ලදී.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කල්කුඩා, ලායා වේව්ස් යුද්ධ හමුදා සුභසාධන නිවාඩු නිකේතනයේ නිල සංචාරයක
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 අගෝස්තු මස 18 දින කල්කුඩා, ලායා වේව්ස් යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිල සංචාරයක
Major General K.V.N.P Premaratne RSP USP nps psc, the Commandant of Sri Lanka Army Volunteer Force (SLAVF), undertook an official field visit to the 1 Sri Lanka Army Pioneer Corps (1 SLAPC) at Palawaththa on 18 August 2025.