21st August 2025
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 අගෝස්තු මස 18 දින කල්කුඩා, ලායා වේව්ස් යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
සංචාරය අතරතුරදී, එම නිවාඩු නිකේතනයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් නියෝජ්‍ය මාණ්ඩලික වෙත නිවාඩු නිකේතනයේ පවතින ගැටළු පිළිබඳව දැනුවත් කරන ලදී. පසුව, ප්‍රධාන අවන්හල, මුළුතැන්ගෙය සහ සෙසුනිලය භටනිවාස ඇතුළු ස්ථාන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් නිරීක්‍ෂණය කරන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද සහභාගි වූහ.