යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිල සංචාරයක

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, 2025 අගෝස්තු මස 18 දින පැලවත්තේ පිහිටි 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිල ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි සේනාවිධායක විසින් රණවිරු ස්මාරකය වෙත ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් පසුව එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් සේනාවිධායක වෙත ඒකකය ඉදිරියේදී සිදුකිරීමට නියමිත කටයුතු, වත්මන් කටයුතු සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් භටපිරිස් අමතමින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා සහාය වීමේදී යුද්ධ හමුදාවේ කාර්යභාරය අවධාරණය කරමින්, ශක්තිමත් හමුදාවක වැදගත්කම ඉස්මතු කරන ලදී. එසේම, තිරසාරභාවය, ආචාර ධර්ම සහ කැපවූ සේවයක් ඇති කිරීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකාව’ වැඩසටහනේ ඇති වැදගත්කම ද තවදුරටත් පෙන්වා දෙන ලදී.

පසුව, සේනාවිධායක කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත විය. සංචාරය අවසානයේදී එම සංචාරය සනිටුහන් කිරීම සඳහා අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.