නවතම තොරතුරු

උණුසුම් පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

2025-09-13
යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 සැප්තැම්බර් මස 10 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

2025-09-12
13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 11 දින සාලියපුර ගජබා රෙජිමේන්තු සුපර් ක්‍රොස් ධාවන පථයේදී පැවති අතර, එම තරඟාවලියේ සමස්ත ශූරතාව යුද්ධ හමුදාවට හිමිවිය.

තව කියවන්න

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන සාමාජිකයන් සඳහා එක් දින වැඩසටහනක්

2025-09-12
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් නුදුරේදී යුද්ධ හමුද

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මස 09 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘යුද්ධ හමුදා සේවයෙන් ඔබ්බට ජිවිතයක් සඳහා සෙසුනිලයන් බලගැන්වීම’ යන මැයෙන් එක්දින වැඩසටහනක් පවත්වන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-09-09
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP, 2025 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

Army Chief Attends Religious Observances on Binara Poya Day

2025-09-08
Army Chief Attends Religious Observances on Binara Poya Day

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී 2025 සැප්තැම්බර් මස 7 දින පැවැත්වූ ආගමික වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

තව කියවන්න

රාවණා ඇල්ල බස්රථ අනතුරෙහි මඟීන් බේරාගැනීම සඳහා විශේෂ බලකා සාමාජිකයෙකු සිය ජීවිතය පරදුවට තබයි

2025-09-08
රාවණා ඇල්ල බස්රථ අනතුරෙහි මඟීන් බේරාගැනීම සඳහා විශේෂ බලකා සාමාජිකයෙකු

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසළ ඊයේ (04) දින සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙහි මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දැක්වූ රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබාසිටි 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර එම මෙහෙයුම අතරතුරදී හිසට දරුණු ලෙස තුවාල ලැබූ අතර ඔහු මෙම මෙහෙයුම අතරතුරදී ජීවිත තුනක් බේරාගැනීමට සමත්විය.

තව කියවන්න

ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරෙහි මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ දායකත්වය

2025-09-08
ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරෙහි මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ

තංගල්ල ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (04) දින රාත්‍රී 9.20 ට පමණ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 15 කණුව, රාවණා ඇල්ල ප්‍රදේශයේ පිහිටි ‘Mount 07’ හෝටලය අසලදී ලිස්සා ගොස් ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් දරුණු අනතුරක් සිදුවිය.

තව කියවන්න

කලා හා සාහිත්‍ය තරඟාවලියේ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2025-09-08
කලා හා සාහිත්‍ය තරඟාවලියේ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබූ කලා හා සාහිත්‍ය තරඟාවලියේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 සැප්තැම්බර් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවති ධර්ම දේශනාවකට සහභාගි විය

2025-09-05
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවති ධර්ම දේශනාව

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී 2025 සැප්තැම්බර් මස 04 දින ධර්ම දේශනාමය වැඩසටහනක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf ndu psc IG සහභාගි විය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඒකක සංචාරයක

2025-09-05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඒකක සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 සැප්තැම්බර් මස 4 දින 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න