උණුසුම් පුවත්
යුද්ධ හමුදා භටපිරිස් පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරයි
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 6 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබයි.
යුද්ධ හමුදාධිපතිතුමන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අගෝස්තු මස 13 දින සවස ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනමේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේදී පුහුණු වැඩසටහනක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනා මූලස්ථානයේදී 2025 අගෝස්තු මස 13 දින සිට 14 දින දක්වා අණදෙන නිලධාරින් සහ සම්බන්ධීකරණ නිලධාරින් සඳහා දින දෙකක පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත අධිකාරියේ සංකේත ප්‍රධානය කරයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 අගෝස්තු මස 14 දින සිදුකරන ලදී.
මෙරට බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නවතමයෙන් පත් කරන ලද මෙරට එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කීත් මයිල්ස්, 2025 අගෝස්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් අභිමංසල II සුවතා මධ්‍යස්ථානයේ නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 අගෝස්තු මස 13 දින කඹුරුපිටිය, අභිමංසල - II සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත වෙමින් එහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීය.
යුද්ධ හමුදා භටපිරිස් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කරයි
ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත සිදුකරන ලද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු බ්‍රිගේඩියර් සී.ඩී වික්‍රමනායක WWV RSP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිම කරනු ලැබීය.
යුද්ධ හමුදාවෙන් විශ්වවිද්‍යාල සිසුසිසුවියන් වෙත ලැප්ටොප් පරිගණක පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධන අධ්යක්ෂ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මස12 දින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ රජයේ විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන ළමුන් වෙත ලැප්ටොප් පරිගණක ලබාදීමේ විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. එහිදී 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් පළමු වසරේ උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් මෙම ලැප්ටොප් පරිගණක බෙදාදෙනු ලැබූහ.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 අගෝස්තු මස 05 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය.
103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාවය යුද්ධ හමුදාවට
103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කමිටුව විසින් 2025 අගෝස්තු මස 02 දින සිට 03 දින දක්වා දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලදී.