අණදෙන නිලධාරින්ගේ සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ වෘත්තීය සංවර්ධන වැඩමුළුව යුද්ධ හමුදාධිපති තුමගේ ප්‍රධානත්වයෙන්
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "භාවාත්මක, මනෝවිද්‍යාත්මක සහ මූල්‍යමය බුද්ධිය තුළින් යුද හමුදා නායකත්වයේ විශිෂ්ටත්වය කරා" තේමාව යටතේ අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙනුවෙන් වූ එක්දින වෘත්තීය සංවර්ධන වැඩමුළුවක් 2026 මැයි මස 20 දින කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හිදී පැවැත්විණි. අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද ඵලදායී තීරණ ගැනීම, පිරිස් කළමනාකරණය සහ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ භාවාත්මක බුද්ධිය, මනෝවිද්‍යාත්මක අවබෝධය සහ මූල්‍ය සාක්ෂරතාවය නංවාලීම මගින් ඔවුන්ගේ නායකත්ව කුසලතා තවදුරටත් ශක්තිමත්මෙම වැඩසටහනේ අරමුණ විය.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG සහභාගී වූ අතර, වැඩසටහනේ සමාරම්භක දේශනය ද එතුමන් විසින් පවත්වනු ලැබීය.
පළමු සැසිය "මානසික විනය - ශක්තිමත් විධානය: හමුදා නායකත්වයේ චිත්තවේගීය බුද්ධිය සහ ජීවන කුසලතා" යන තේමාව යටතේ පැවැත්වුණු අතර, එය මෙහෙයවනු ලැබුවේ Director of the Emotional Intelligence and Life Skills Training Team (Gte) Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාද් ජයසිංහ මහතා විසිනි.ඵලදායී හමුදා නායකත්වයක් සඳහා අත්‍යවශ්‍ය මානසික දරාගැනීමේ හැකියාව, චිත්තවේගීය බුද්ධිය සහ ප්‍රායෝගික ජීවන කුසලතා ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සැසිය අවධානය යොමු කළේය.
දෙවන සැසිය "ඵලදායී තීරණ ගැනීම සඳහා නායකත්වය" තේමාව යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් දියුණුව පිළිබඳ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය ඩබ්ලිව්. සාගර චන්ද්‍රසේකර විසින් පවත්වන ලදී. සංකීර්ණ මෙහෙයුම් පරිසරයන් තුළ ව්‍යුහගත තීරණ ගැනීමේ ප්‍රවේශයන් සහ අනුවර්තන නායකත්වය පිළිබඳව ඉදිරිපත් කිරීම අවධාරණය කරන ලදී.
පසුව, “පිරිස් කළමනාකරණය” පිළිබඳ සැසියක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc විසින් මෙහෙයවන ලදී. මෙම සාකච්ඡාවේදී හමුදා මානව සම්පත් කළමනාකරණයේ සමකාලීන අභියෝග සහ පිරිස් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.
අවසන් දේශනය "මූල්‍ය සාකච්ඡා (මූල්‍ය දැනුවත්භාවය සහ පුද්ගලික මූල්‍ය කළමනාකරණය)" යන මාතෘකාව යටතේ ජෝර්ජ් 360 හි අධ්‍යක්ෂිකා සුරනි වෙත්තසිංහ මහත්මිය විසින් පවත්වන ලදී. මෙම සැසියේදී හමුදා වෘත්තිකයන් සඳහා මූල්‍ය සාක්ෂරතාවයේ සහ පුද්ගලික මූල්‍ය සැලසුම්කරණයේ වැදගත්කම ඉස්මතු කරන ලදී.
මෙම වැඩමුළුව සඳහා අණදෙන නිලධාරීන් 217 දෙනෙකු සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 220 දෙනෙකු සහභාගී වූහ. වැඩමුළුව අවසන් වූයේ පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී. විජේසේකර RSP ctf-ndu USACGSC විසින් පවත්වන ලද අවසන් දේශන සමඟිනි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම වැඩමුළුවට සහභාගී වූහ.