රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් 59 පාබල සේනාංකයේ නිල සංචාරයක

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සහ දෛනික චර්යාවන් ප්‍රබෝධමත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් 2025 ජුනි මස 28 දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් 59 පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුරදී, එම රණවිරුවන් පිරිස පුදුකුඩිඉරිප්පු, රණවිරු ස්මාරකය වෙත සිය පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව එල්ටීටීඊ නායක ප්‍රභාකරන් භාවිතා කළ බංකරය, පිහිනුම් තටාකය සහ වඩ්ඩුවාකල් පාලම වැනි ස්ථානයන්හි සංචාරය කළහ.

මෙම සංචාරයේ සාමාප්තිය සනිටුහන් කරමින් නයාරු වෙරළ තීරයේ ග්‍රීන් ජැකට් නිවාඩු නිකේතන පරිශ්‍රයේදී සංගීත සංදර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම සහ 593 හා 591 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.