before 2024
පසුගිය පුවත්
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ‘Diners’ Club’ වැඩසටහනේදී ‘හමුදා වෘත්තීයභාවය’ පිළිබඳව සාකච්ඡාවක්
2023-06-06
2023 දෙවන කාර්තුවේ ‘Diners’ Club’ වැඩසටහනක් බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා (02) දින පැවැත්විණි.
තව කියවන්න
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ධූරයේ රාජකාරි අරඹා වසරක් සපිරීම නිමිත්තෙන් පුණ්‍ය වැඩසටහන් මාලාවක්
2023-06-05
යුද්ධ හමුදා සේවා වනිතා...
තව කියවන්න
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක්
2023-06-03
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සතියක පුහුණු වැඩමුළුවක් පසුගිය මැයි මස 18 දින සිට 25 දින දක්වා අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
තව කියවන්න
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-05-29
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විශේෂ බලකා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය භාර්යාව වන නයනි සමන්ති සෙනරත් යාපා මහත්මිය, ගවේෂ් සුදාරක සෙනරත් යාපා සහ අසෙල් භානුක සෙනරත් යාපා යන පුතුන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව සඳුදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
තව කියවන්න
රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සඳහිරු සෑ පුදබිමේදී පුණ්‍ය වැඩසටහන් මාලාවක්
2023-05-23
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවති ජාතික රණවිරු දින සැමරුම හෙවත් විජයග්‍රහණයේ දින සැමරුමේ 14 වන සංවත්සරයට සමගාමීව සෙනසුරාදා (20) සහ ඉරිදා (21) දින අනුරාධපුර සඳහිරු සෑ පුදබිමේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්, ජය පිරිත් සජ්ඣායනාවක්, බුද්ධ පූජාව සහ ගිලන්පස පූජා කිරීම, වර්ණවත් පෙරහැරක් සහ අටමස්ථානයන්හි භික්‍ෂූන් වහන්සේලා 100 නමක් වෙත හීල් දානය පූජා කිරීම ආදී පුණ්‍ය වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.
තව කියවන්න
පාසල් සිසුසිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සවිබලගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාගයක්
2023-05-23
යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන දායකත්වය යලිත් තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දස්කම් දක්වන කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ සිවිල් සේවක මහතෙකුගේ පාසල් සිසු සිසුවියන් දෙදෙනෙකු වෙත ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාග කරනු ලැබීය.
තව කියවන්න
යුද්ධ හමුදාව භාවිතා කළ ඉඩම් සිවිල් වැසියන් වෙත පවරාදෙයි
2023-05-22
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාන්විත සහ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් මේ දක්වා යුද්ධ හමුදාව භාවිතා කළ සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීමේ ප්‍රතිපත්තියට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් මූලිකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින අක්කර 70.05 ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කට්ටි අටක් නිදහස් කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත 68 පාබල සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් එම ඉඩම් හා සබැඳි ලිපිලේඛන සිවිල් බලධාරින් වෙත භාරදෙනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.
තව කියවන්න
2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් අවුකන බුද්ධ ප්‍රතිමාව අභියස චෛත්‍යයක් ඉදිකරයි
2023-05-20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් ගේ මඟපෙන්වීම මත 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් මින්නේරිය, ගිරිතලේ වැව් බැම්ම පසුකරමින් ගමන්ගන්නා බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාව හිටි පිළිමය අභියස ඝඨාකාර චෛත්‍යයක් ඉදිකර පසුගිය ඉරිදා (14) දින බැතිමතුන්ගේ වන්දනා කටයුතු වෙනුවෙන් නිරාවරණය කරනු ලැබීය.
තව කියවන්න
562 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ස්වයං රැකියා ඇරඹීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
2023-05-20
යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති තවදුරටත් පුළුවල් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ සහ 15 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ස්වයං රැකියා අවස්ථා හඳුනාගැනීම පිළිබඳ වවුනියාව, මරවන්කුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (14) දින මරවන්කුලම් රජයේ දමිළ විද්‍යාලයේදී පැවැත්විණි.
තව කියවන්න
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර උවදුරෙන් විපතට පත්වූවන්ට යුද්ධ හමුදාවේ සහයෝගය
2023-05-18
අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෝරුපිටිය ග්‍රාම නිලධාරී වසම තුළ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙත පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
තව කියවන්න