before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද්ධයෙන් දිවිපිදු විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහි කෙරේ

2023-07-12

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 131 දෙනෙකු සහ සෙසුනිලයන් 2864...
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉදිකෙරෙන නාවාතැන් පහසුකම් සංකීර්ණයේ පළමු මහල විවෘත කෙරේ

2023-07-12

පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතින නවාතැන් පහසුකම් සංකීර්ණයේ පළමු මහල පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.සි.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සුරතින් විවෘත කළේය.
තව කියවන්න

නුදුරේදි විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

2023-07-12

වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා...
තව කියවන්න

කැළණිය රජමහා විහාරස්ථානයේ කිරි අම්මාවරුන් වෙනුවෙන් කිරි ආහාර පූජාවක්

2023-07-10

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනාවට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින කැලණිය රජමහා විහාරස්ථානයේ කිරි අම්මාවරුන් 1000 කට අධික පිරිසක් වෙනුවෙන් කිරි ආහාර පූජාකරනු ලැබීය.
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2023-07-09

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 7 ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු නිලධාරියෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකු, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ සහ පරිසර ආරක්‍ෂණ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සමඟ එක්ව මෝදර කාක දූපත අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානමය වැඩසටහනක් ඉකුත් සඳුදා (ජූලි මස 03) දින ක්‍රියාත්මක කරන ලදී.
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය වෙත අවසන් ගෞරව දක්වයි

2023-07-09

වසර 28 කට වැඩි කාලයක් රට වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා (07) දින පස්වරුවේ යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් හෝමාගම, ගලවිලවත්ත - නියදගල සුසාන භූමියේදී සිදුකෙරිණි.
තව කියවන්න

55 පාබල සේනාංකයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවුලකට තවත් නිවසක්

2023-07-08

යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ පූජ්‍ය එම්.එස්. චින්නයියා සහ තබිතා චින්නයියා පියතුමා ඔවුන්ගේ පියා වන ජෝයි අරුල්රාජා මහතා සිහිපත් කිරීම සඳහා ‘වන්නි ඒඩ්ස්’ සංවිධානය සහ කැනඩාවේ පදිංචි මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන ලදී.
තව කියවන්න

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය පිටත්ව යයි

2023-07-02

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය වශයෙන් පුහුණුව ලත් යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) පළමු කණ්ඩායම වශයෙන් 170 කින් යුත් භටපිරිසක් සෙනසුරාදා (ජූලි 01) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය. ඉතිරි භටපිරිස් අදියර වශයෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සාම සාධක භටපිරිස් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යන අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
තව කියවන්න