before 2024

පසුගිය පුවත්

Select Article Types

231 බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

2023-05-12

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 23 වන පාබල සේනාංකයේ සහ 231 පාබල බලසේනාවේ භටපිරිස් එක්ව මඩකලපුව, ‘Little Sisters of the Poor Elders’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා පසුගිය සඳුදා (08) දින දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
තව කියවන්න

ත්‍රිකුණාමලය භට කාර්ය සම්පාදන පුහුණු පාසල වෙසක් උත්සවය සමරයි

2023-05-12

වෙසක් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලය භට කාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඹ් ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (05) දින එම පුහුණු පාසල් පරිශ්‍රය තුළ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
තව කියවන්න

11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

2023-05-11

අස්ගිරිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමිපාණන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ භටපිරිස් මාතලේ, මාතලපිටිය විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
තව කියවන්න

දිවංගත මේජර් සේපාල දහනායක වෙත පිං අනුමෝදන් කරමින් 58 පාබල සේනාංකයෙන් පුණ්‍ය වැඩසටහන් මාලාවක්

2023-05-11

2009 මැයි මාසයට ප්‍රථම පැවති උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී 3 ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි ඉටුකරමින් සිටියදී දිවිපිදූ විශේෂ බලකායේ දිවංගත මේජර් සේපාල දහනායක අනුස්මරණය කරමින් 58 පාබල සේනාංක මූලස්ථානය වෙතින් වෙසක් පුර පසලොස්වක පොහෝ දින (මැයි මස 05) පිංකම් මාලාවක් සංවිධානය කරනු ලැබීය.
තව කියවන්න

211 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

2023-05-11

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකය යටතේ ඇති 211 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (9) දින අනුරාධපුර මැදවච්චිය කරාපික්කඩ, ධම්මදීප ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පාසල් බෑග් පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය ‘Aust grow International’ පුද්ගලික ආයතනය සහ රෝසි ටියුරින් මැතිණිය විසින් දක්වන ලදී.
තව කියවන්න

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේදී විශේෂ පුණ්‍ය වැඩසටහනක්

2023-05-11

පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ නේවාසික විශේෂ අවශ්‍යතා සහිත වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් වෙසක් පුර පසලොස්වක පොහෝ දින නිමිත්තෙන් (මැයි මස 05) විශේෂ බෝධි පූජාවක් සහ සිල් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත්වීය.
තව කියවන්න

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙසක් උත්සවය සමරයි

2023-05-11

කුරුණෑගල හෙරලියාවල ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් එක්ව මැයි මස 5 සිට 8 දක්වා වෙසක් පහන් කූඩු සහ විදුලි ආලෝකකරණයන්ගෙන් හෙරලියාවල කඳවුරු පරිශ්‍රය ආලෝකවත් කරන ලදී.
තව කියවන්න

යක්කල රණවිරු ඇපරල් ආයතනය ‘වෙසක්’ උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරයි

2023-05-11

යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු රණවිරුවන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ නිර්මාණාත්මක පහන් කූඩු සහ සැරසිලි නිර්මාණය කරමින් වෙසක් උත්සවය සැමරීමට දායකත්වය දක්වනු ලැබීය.
තව කියවන්න

24 පාබල සේනාංකය වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරයි

2023-05-11

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 24 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස්, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සමගින් එක්ව අම්පාර ප්‍රදේශයේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් වෙසක් උත්සවයක් පසුගිය සිකුරාදා (05) දින පවත්වනු ලැබූහ.
තව කියවන්න

15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ‘සංහිඳ’ ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

2023-05-11

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව වෙතින් පසුගිය ඉරිදා (මැයි මස 7) දින පාදුක්ක, වටරැක ‘සංහිඳ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ලබාදුන්හ.
තව කියවන්න