before 2024
පසුගිය පුවත්
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති භටපිරිස් අමතයි
2023-05-11
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඒකකයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී, අප්‍රේල් 30 දින (ඉරිදා) යාපනය...
තව කියවන්න
144 බලසේනාවේ භටපිරිස් විසින් නේවාසික වැඩිහිටියන් සහ ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ලබාදෙයි
2023-05-11
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයේ 144 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී කොඩිතුවක්කු ලබාදුන් උපදෙස් මත රාජගිරිය ‘ගැලවීමේ හමුදා වැඩිහිටි නිවාසයේ’ නේවාසිකව සිටින වැඩිහිටියන් 45 දෙනෙකු සහ ළමුන් 30 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පිරිනමන ලදී.
තව කියවන්න
51 පාබල සේනාංකය ‘වෙසක්’ උත්සවයක් සංවිධානය කරයි
2023-05-10
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සේනාංකවල සහයෝගය ඇතිව 51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
තව කියවන්න
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මෙහෙණි ආරාමයක් ඉදිකෙරේ
2023-05-10
පූජ්‍ය අරලංගවිල වජිරා ධම්මදීප මෙහෙණින් වහන්සේගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකායේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් මෙහෙණි ආරාමයක් ඉදිකරනු ලැබීය.
තව කියවන්න
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙසක් කලාපය උත්කර්ශවත් අයුරින් සමරයි
2023-05-10
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු, විචිත්‍රවත් තොරණක් සහ විවිධ සැරසිලිවලින් සමන්විත වෙසක් කලාපයක් ඉදිකරනු ලැබීය.
තව කියවන්න
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් වෙසක් උත්සව සැමරුමට දායක වෙති
2023-05-10
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවේ සහ 7 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙසක් පුර පසලොක්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය 4 (බ්‍රහස්පතින්දා) දින වැඩසටහන් මාලාවක් පැවැත්වීය.
තව කියවන්න
වෙසක් පුර පසලොස්වක පෝය දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් වැඩසටහන් රැසක්
2023-05-10
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් කලාපය විශේෂාංග කිහිපයක් සමඟින් මැයි මස 5 දින සිට 7 දින දක්වා පැවැත්විණි.
තව කියවන්න
ගැමුණු හේවා බලකායේ භටපිරිස් කුරුවිට එක්නැළිගොඩ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරයි
2023-05-10
කුරුවිට, එක්නැළිගොඩ විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන් සහ උපාධි අපේක්‍ෂකයන්ගේ ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූස්ථානයේ භටපිරිස් එම විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (මැයි මස 03) දින විද්‍යාල බලධාරින් වෙත භාරදුන්හ.
තව කියවන්න
142 පාබල බලසේනාවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනකට දායක වෙති
2023-05-10
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහයෝගයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය වෙතින් මැයි මස 04 දින පැවැත්වූ ලේ දන්දීමේ කඳවුරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
තව කියවන්න
9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරයි
2023-05-10
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙසක් පොහොය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා (මැයි 05) දින මුලතිව්, සුගන්දිපුරම් හි පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් පවුලක 15 හැවිරිදි ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
තව කියවන්න