before 2024

පසුගිය පුවත්

Select Article Types

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව දේශන ශාලාව සහ භඨ නිවාසය සඳහා මුල්ගල් තබයි

2024-02-20

බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉඳිකිරීමට යෝජිත දේශන ශාලාව සහ භඨ නිවාසය සඳහා මුල්ගල තැබීම ආරක්‍ෂක සේනා ආඥාපති නැගෙනහිර සහ යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින සිදුකරන ලදී.
තව කියවන්න

511 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා භෝජන සංග්‍රහයක්

2024-02-18

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟින් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 35 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2024-02-14

වසර 33 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්‍යක්‍..
තව කියවන්න

15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් පාපන්දු තරඟාවලියක්

2024-02-14

සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හමීදියා ක්‍රීඩා සමාජය සමඟ ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 8 සිට 11 දින දක්වා මොල්ලිපොතාන හමීදියා ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකෙරේ

2024-02-09

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව දානපතියන් පිරිසක් සමඟ එක්ව එම බලකාය යටතේ සේවයේ නියුතු ගාල්ල, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බදාදා (පෙබරවාරි මස 07) දින ප්‍රතිලාභියා වෙත පවරාදෙන ලදී.
තව කියවන්න

76 වන ජාතික නිදහස් දිනය ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් සමරයි

2024-02-04

‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ 76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (04) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, ආරක්‍ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය හා සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.
තව කියවන්න

61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගක්

2024-02-02

8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් රත්නපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බටතොට, ආනන්ද චේතිය විහාර පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පවත්වනු ලැබීය.
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා ඉතිහාසය අලුත් කරයි

2024-01-25

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂූට් භටයෙකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර 2024 ජනවාරි මස 22 දින සිය දක්‍ෂතා විදහා දැක්වූයේය.
තව කියවන්න

22 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් කොත්තමල්ලි බෙදාදීමේ වැඩසටහනක්

2024-01-14

22 පාබල සේනාංකයේ භටපිරිස් ගම්වාසීන් සමඟ එක්ව ත්‍රිකුණාමලය හනුමාන් කෝවිලේ වාර්ෂික පූජාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් කොත්තමල්ලි බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
තව කියවන්න

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී සාර්ථකව හැදෑරූ කමාන්ඩෝ භටයින් ‘මෙරූන් හිස්වැසුම’ පැළඳ විසිරයයි

2024-01-14

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් සමන්විත වූ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (13) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති...
තව කියවන්න