Sport
11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වේ

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 21 සහ 29 දෙදින තුළ 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකා ක්‍රීඩාංගණයේදී සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි.
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය - 2024’ සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය - 2024’ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසකගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් 2024 ඔක්තෝම්බර් මස 25 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය - 2024 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 25 දින අවසන් විය. එම තරඟාවලියේ ශූරතාවය සඳහා රෙජිමේන්තු 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරඟ ඉසව් තුනකින් තරඟවදිමින් දස්කම් ප්‍රදර්ශනය කළහ.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරඟාවලිය - 2024 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරඟාවලිය - 2024 පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 ඔක්තෝබර් මස 22 දින සිට 24 දින දක්වා පැවැත්විණි.
2024 ජාතික කරාතේ ශූරතාවලියේ සමස්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික කරාතේ ශූරතාවලිය - 2024, ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනයන්හිදී බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති අතර, එහි ජයග්‍රහණය යුද්ධ හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය - 2024’ සාර්ථකව අවසන්

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය - 2024’ තරඟාවලිය ඔක්තෝම්බර් මස 07 දින පනාගොඩ ස්කොෂ් පිටියේදී පැවැත්විණි. යුද්ධ හමුදා රෙජිමේන්තු 13 ක ක්‍රීඩකයන් ඉසව් 12 ක් නියෝජනය කරමින් තරඟාවලියේදී සුවිශේෂී දක්‍ෂතා එළිදැක්වූහ.
“Eagles Monsoon Cup 2024” තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “The Eagles Monsoon Cup” ගොල්ෆ් තරඟාවලිය 2024 සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින තුළ ත්‍රිකුණාමලය ඊගල් ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය විසින් අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාව - 2024 දිනාගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා දැල්පන්දු කණ්ඩායම 2024 සැප්තැම්බර් මස 28 දින පනාගොඩදී පැවති අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාවලිය - 2024 ජයග්‍රහණය කිරීමට සමත් විය.
‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ කඹ ඇදීමේ තරඟාවලියේ ජය යුද්ධ හමුදාවට

‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ පූනෑව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් මස 27 දින පැවති අතර එහිදී පැවති කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ.
අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලියේ ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය මෙවරත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී සැප්තැම්බර් මස 29 දින පැවැත්විණි. එහි ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය.