යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරඟාවලිය - 2024 සාර්ථකව අවසන්

25th October 2024

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරඟාවලිය - 2024 පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 ඔක්තෝබර් මස 22 දින සිට 24 දින දක්වා පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

කායවර්ධන, බර ඉසිලීම, සහ සවි එසවීම යන අංශ යටතේ රෙජිමේන්තු 17ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ.

තියුණු තරඟයකින් අනතුරුව බර ඉසිලීමේ පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් හිමිකරගත් අතර, අනුශූරතාව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව හිමිකර ගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් හිමිකරගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

සවි එසවීමේ ඉසව්වේ ශූරතාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දිනාගත් අතර, අනුශූරතාව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව හිමිකර ගන්නා ලදී. කායවර්ධන ශූරතාව ශ්‍රී ලංකා සංඥා බලකායත් අනුශූරතාවය ගැමුණු හේවා බලකායත් හිමිකර ගන්නා ලදී.

උත්සව සමාප්තියේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ පදක්කම් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.