අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලියේ ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

29th September 2024

අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය මෙවරත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී සැප්තැම්බර් මස 29 දින පැවැත්විණි. එහි ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය.

ශූරතාවලිය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

මෙම ශූරතාවලිය යුද්ධ හමුදා තුන්ප්‍රයාම ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සීගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා තරඟ වැදුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මීටර් 750 පිහිනුම් තරඟය, කිලෝමීටර් 20 ක පාපැදි ධාවන තරඟය සහ කිලෝමීටර් 5 ක මැරතන් තරඟය සඳහා මුහුණදීමට සිදුවිය.

මෙම ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ක්‍රීඩා ක්‍ෂ්ත්‍රයේ අනාගත අභියෝග ජයගැනීම සඳහා ශක්තිමත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් ගොඩනැගීමයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා තුන්ප්‍රයාම කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදා තුන්ප්‍රයාම කමිටුවේ ලේකම් මේජර් එම්.ජේ.සල්ගාදු විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව මෙම තරඟාවලිය පුරා කැපී පෙනෙන ක්‍රීඩා දස්කම් දක්වමින් සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගත් අතර, තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

පිරිමි ආධුනික කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් ආර්.එන්.පී විජේසූරිය (1:06:52)

දෙවන ස්ථානය - විජයභාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබල කේ.ඩී.එස්.එල් කැලුම් කුමාර (1:07:03)

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් ඊ.ඩබ්ලිව්.ජේ කරුණාරත්න (1:07:3)

පිරිමි ශූරතා කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.පී.එස්.ආර්. ප්‍රියදර්ශන (1:04:34)

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කෝප්‍රල් එම්.බී.ඒ චන්ද්‍රසිරි (1:07:03)

තෙවන ස්ථානය - - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල ආර්.එම්.එන්.එච් සුසිරිපාල (1:07:03)

කාන්තා ශූරතා කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.කේ.අයි.ටී. උදයකුමාරි (1:21:40)