11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වේ

30th October 2024

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 21 සහ 29 දෙදින තුළ 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකා ක්‍රීඩාංගණයේදී සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා 11 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණි නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූහ. තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, 2 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකා කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර 642 පාබල බලසේනා කණ්ඩායම අනුශූරතාවය දිනාගත්හ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.