2024 ජාතික කරාතේ ශූරතාවලියේ සමස්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
23rd October 2024
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික කරාතේ ශූරතාවලිය - 2024, ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනයන්හිදී බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති අතර, එහි ජයග්‍රහණය යුද්ධ හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.
ක්‍රීඩා සමාජ 31ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ මෙම තරඟාවලිය විවිධ ඉසව් 35ක් ඔස්සේ පැවැත්විණි. එහිදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 28 ක්, රිදී පදක්කම් 26 ක් සහ ලෝකඩ පදක්කම් 30 ක් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සහ යුද්ධ හමුදා කරාතේ සංචිතයේ උප සභාපති බ්‍රිගේඩියර් ආර්.ඩී සලෛයි එන්ඩීසී ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී විය.