“Eagles Monsoon Cup 2024” තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්
9th October 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “The Eagles Monsoon Cup” ගොල්ෆ් තරඟාවලිය 2024 සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින තුළ ත්‍රිකුණාමලය ඊගල් ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි
යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, මේජර් ජෙනරාල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී, කර්නල් ඊ.ඩබ්ලිව්.ආර්.එස්.බී. ඇහැළපොල යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී, කර්නල් ඒ.එච්.ආර්. හසන්ත ආර්එස්පී පීඑස්සි සහ මේජර් ඒ.එන්. තිස්ස කුමාර ආර්එස්පී සහභාගී වූහ.
මෙම තරඟාවලියේ, තරඟකරුවන් 65 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති ‘ධජයට ළඟම පහර’ (Nearest to the Pin) තරඟයේ ජය ගජබා රෙජිමේන්තුවේ කර්නල් ඊ.ඩබ්ලිව්.ආර්.එස්.බී. ඇහැළපොල යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී විසින් දිනාගන්නා ලදී. එමෙන්ම, තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ඒ.එන්. තිස්ස කුමාර ආර්එස්පී සමත්විය.