‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ කඹ ඇදීමේ තරඟාවලියේ ජය යුද්ධ හමුදාවට
2nd October 2024
‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ පූනෑව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් මස 27 දින පැවති අතර එහිදී පැවති කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ.
අවසන් මහා තරඟයේදී පිරිමි කිලෝග්‍රෑම් 640 බර පන්තිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමඟ තරඟවැදී ජයග්‍රහණය කිරීමට යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ. මේ අතර, කාන්තා කිලෝග්‍රෑම් 560 බර පංතිය නියෝජනය කරමින් ගුවන් හමුදා කණ්ඩායම සමඟ තරඟවැදුනු යුද්ධ හමුදා කාන්තා කඹ ඇඳීමේ කණ්ඩායම එම කාණ්ඩයේ ශුරතාවය දිනාගත්හ. යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් පිරිමි හා කාන්තා කඹ ඇඳීමේ කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර එහිදී යුද්ධ හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් සිය දක්‍ෂතාවයන් එළිදැක්වීය.