Sport
යුද්ධ හමුදා ජූඩෝ ශූරතාවය - 2024 ගජබා රෙජිමේන්තුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2024, ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී’ යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි

ඉන්දියාවේදී 2024 සැප්තැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවති ‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ හි පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබළ ඩබ්ලිව්.ජේ.ආර්. අල්විස් ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය. එහිදී, ඔහු මීටර් 15.62 ක දුරක් වාර්ථා කරමින් එම ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ සඳහා සුදුසුකම් ලබයි

කාම්බෝජයේ පැවති ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ හි සුදුසුකම් ලැබීමේ අවසන් වටයේ දෙවන අදියර 2024 සැප්තැම්බර් මස 10 දින පැවති අතර එහිදී, කාම්බෝජයට එරෙහිව ගෝල 4-2 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සමත්විය.
බලපිටිය වෙරළ තීරයේ පැවති පිහිනුම් ශූරතාවලියේ ජය යුද්ධ හමුදාවට

බලපිටිය වෙරළ තීරයේ ජනවාරි මස 29 වන දින පැවති ‘වාර්ෂික විවෘත ජල පිහිනුම් ශූරතාවලිය - 2023 කිලෝමීටර් 10 ඉසව්වෙහි’ සමස්ත ශූරතාව නැවත වරක් හිමිකර ගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
62 වන සේනාංකයේ මූලිකත්වයෙන් ක්‍රීඩා උපදේශකයින් සඳහා කඹ ඇදීමේ ක්‍රීඩාව හඳුන්වා දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ ගේ මූලිකත්වයෙන් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩා උපදේශකවරුන්...
‘ඩෑන් පුදියවිදියල්’ පාපන්දු අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහභාගී වෙයි

ඒ.එස්.කේ (ASK) Media පුද්ගලික ආයතනයේ සභාපති එස්.එස් කුහනාදන් මහතාගේ ආරාධනයකට අනුව "දන් පුදියවිදියල්" (Dan Pudiyavidiyal) පාපන්දු තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය...