ආසියාතික ක්ලැසික් සවිඑසවීමේ ශූරතාවය - 2024’ දී යුද්ධ හමුදාවට ලෝකඩ පදක්කමක්

12th December 2024

‘ආසියාතික ක්ලැසික් සවිඑසවීමේ ශූරතාවය - 2024’ දී කිලෝග්‍රෑම් 59 කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට 12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී අයි.එස්. සුමුදු ප්‍රදීප් සමත් විය. මෙම තරඟාවලිය 2024 දෙසැම්බර් මස 01 සිට 10 දින දක්වා උස්බෙකිස්තානයේදී පැවති අතර, එහිදී විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දීමට බළලත් නිලධාරී අයි.එස්. සුමුදු ප්‍රදීප් සමත් විය.