ලංකා ප්‍රවීනයන්ගේ T20 ක්‍රීකට් 2024 තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා ප්‍රවීණයන් දිනා ගනී

11th December 2024

ලංකා ප්‍රවීණයන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද T20 ක්‍රිකට් තරඟාවලිය 2024 දෙසැම්බර් 08 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් 8ක් අංශ දෙකක් යටතේ තරග වැදුණු අතර, එහිදී යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ කණ්ඩායම විසින් වෙළද සේවා ප්‍රවීණයන්ගේ,වෛද්‍ය ප්‍රවීණයන්ගේ සහ මයිටි ස්ටාලියන් යන කණ්ඩායම් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ. අනතුරුව, අවසන් තරගයේදී කොළඹ ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 8 ක් දැවී ලකුණු 127ක් රැස්කළ අතර, යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 17.3 කදී කඩුලු 5ක් දැවී ලකුණු 128ක් රැස්කරමින් ශූරතාවය හිමිකර ගත්හ.

ලකුණු 129ක් සහ කඩුලු 3ක් තරගාවලිය තුල ලබාගනිමින් විශිෂ්ඨ දස්කම් දැක්වූ බළලත් නිලධාරී I එස්.එස් ඔබිනමුණි ‘තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා’ වශයෙන් පත්වූ අතර, මාණ්ඩලික සැරයන් පී.එන්. කළුආරච්චි ලකුණු 102ක් තරගාවලිය තුල ලබාගනිමින් ‘දක්‍ෂතම පිතිකරුවා’ ලෙස පත් විය.