'නෙක්ස්ට් ජෙන්' ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලියේ ශූරතාව යුද්ධ හමුදා හොකී කණ්ඩායමට
11th November 2024
රී ලංකා නෙක්ස්ට් ජෙන් හොකී සංවර්ධන සමාජය මගින් ප්‍රථම වරට සංවිධානය කල 'නෙක්ස්ට් ජෙන්' ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලිය 2024 නොවැම්බර් මස 09 දින කොළඹ කෘත්‍රිම හොකී තණතිල්ලේදී පැවැත්විණි.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දේශීය සහ ජාත්‍යන්තර තරඟකරුවන් රැසක් සහභාගී විය.
ඒ අනුව ඉන්දියානු සහ පකිස්ථානු ජාතික කණ්ඩායම්වල ක්‍රීඩකයින් සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජයන් හී ක්‍රීඩකයින් සමඟින් එක්ව මෙහිදී තරඟවදින ලදී.
තරඟාවලිය පුරාවටම සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සිය කණ්ඩායමේ කිසිදු විදේශීය ක්‍රීඩකයෙකු නොමැතිව තරඟ වදිමින් සුවිශේෂී දක්‍ෂතා විදහා දක්වමින් අවසන් තරඟයේ ගෝල 3-2ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරදවා යුද්ධ හමුදාව ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.
යුද්ධ හමුදා හොකී කණ්ඩායම නියෝජනය කල සැරයන් කුසල් තිලකසිරි අවසන් තරගයේ හොඳම ක්‍රීඩකයා හා තරඟයේ උද්වේගකර ක්‍රීඩකයා ලෙස නම් කරන ලදි.