ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ට උපහාර පුදකරයි

31st October 2024

ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් උපහාර පුදකිරීම සඳහා 2024 ඔක්තෝම්බර් මස 27 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී උපහාර උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. එහිදී, එම ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ කැපවීම ඇගයීමට ලක්කරමින් රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

උත්සවය අතරතුරදී, සංස්කෘතික නර්තන අංගයන් ඉදිරිපත් කෙරුණු අතර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයක් ගනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.