2024 ජාතික කඹ ඇදීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි
11th December 2024
ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 20 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් 07 වන දින බණ්ඩාරවෙල නගර සභා පිටියේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් විවිධ කාණ්ඩයන් යටතේ තරඟවදිමින් ශූරතා පහක් ලබා ගනිමින් සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළේය. පහත සඳහන් ශූරතා යුද්ධ හමුදා කඹ ඇදීමේ ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදී:
- කි:ගෑ: 640 (ජ්‍යෙෂ්ඨ පිරිමි) - ශූරතාවය
- කි:ගෑ: 560 (ජ්‍යෙෂ්ඨ කාන්තා) - ශූරතාවය
- 23න් පහළ (පිරිමි) - ශූරතාවය
- විවෘත (පිරිමි) - ශූරතාවය
- විවෘත (කාන්තා) - ශූරතාවය