10th October 2017 14:32:32 පැය
දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඟහරුවාදා ( ඔක්තෝබර් මස 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි. වර්ෂ 1949 දී ලංකා යුද්ධ හමුදාව ( Ceylon Army ) නමින් ඇරඹුණු යුද්ධ හමුදාව වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව .........
10th October 2017 00:13:32 පැය
යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
09th October 2017 10:36:56 පැය
ජාතික ශීල්ප සභාව (National Crafts Council ) විසින් පවත්වනු ලබන ‘ශීල්ප අභිමානි - 2017’ ප්‍රදර්ශනයේදී යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් 43 දෙනෙකු විසින් සාමූහිකව හා කේවල වශයෙන් ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක සහ සම්ප්‍රදායික අත්කම් නිර්මාණයන් එළිදක්වනු ලබන ප්‍රදර්ශන කුටියක්......
09th October 2017 10:15:22 පැය
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (06) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි.....
08th October 2017 17:48:09 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත. වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළ වෙබ් අඩවියේ (www.army.lk) මුල් පිටුවෙහි ‘අප හා එක්වන්න’ තිරුව හරහා අයඳුම්පත් බාගත කරගත හැකිය.
07th October 2017 10:03:20 පැය
54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලියේ’ සමාප්ති උත්සවයේ සහ ජයග්රාහකයින්හට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ පැවැත්විණි. යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයෙන් සමාප්ති උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.....
05th October 2017 08:50:48 පැය
යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් දකුණු කොරියාවේ සංචාරයට එක්වුණු ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බළලත් නිලධාරී I එච්.ඩී.ඩබ්ලිව්. පෙරේරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ බොහෝවිට ප්‍රථම වතාවට යුද්ධ හමුදාධිපතිවරයෙකු සමගින් එවැනි විදේශ දූත මෙහෙවරක යෙදුණු පළමු කොමිෂන් නොළත් සෙසුනිලධාරියා...
04th October 2017 22:50:15 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේදී බදාදා (04) දින පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ‘අභිෂේකම්’ පූජාවේදී යුද්ධ හමුදා ධජයන් කෝවිල් මන්දිරයට රැගෙන සම්ප්‍රදායිකව හින්දු ආගමික වතාවත් සිදුකර ආශිර්වාද කරන ලදී.
04th October 2017 22:24:15 පැය
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් 68 වන යුද හමුදා සංවත්සර දිනයට සමගාමීව බදාදා (04) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා ඉස්ලාමීය ආගමික යාඥාවන් පවත්වන ලදී.
04th October 2017 17:02:39 පැය
68 වන යුද හමුදා සංවත්සර දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ ක්‍රිස්තියානි දේවමෙහෙය අඟහරුවාදා (03) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.