Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2017 17:02:39 Hours

යුද හමුදා 68 වන සංවත්සරය වෙනුවෙන් කිතුනු ආශිර්වාද

68 වන යුද හමුදා සංවත්සර දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ ක්‍රිස්තියානි දේවමෙහෙය අඟහරුවාදා (03) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

පූජ්‍ය ආචාර්ය එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් විසින් පවත්වනු ලැබු මෙම විශේෂ ක්‍රිස්තියානි දේවමෙහෙය සහ යාඥා වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් යුද හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය සහභාගී වු අතර, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද මෙම දේවමෙහෙයට එක්ව සිටියහ.

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සාදරයෙන් පිළිගත් අතර, යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න විසින් පිළිගැනීමේ කතාව සහ මෙම විශේෂ දේවමෙහෙයේ තේමාව ද පැහැදිලි කරන ලද අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව හැදින්වීමකින් අනතුරුව, යුද හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් සංවිධානය කරනු ලැබු මෙම විශේෂ කිතුනු ආගමික දේවමෙහෙය සහ තුති පුද කිරීමේ උත්සවය ආරම්භ විය.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ අනුශාසක පූජ්‍ය බෙනඩික් ජෝෂප් පියතුමා විසින් මෙම විශේෂ දේවමෙහෙයේ වැදගත්කම පහදාදෙමින් තම දේශණය ආරම්භකොට අනතුරුව, සියළුදෙනා හට කිතුනු බැති ගී ගායනයට ආරාධනා කළහ.

යුද හමුදා ධජය සහ අනෙකුත් සියළු රෙජිමේන්තු ධජයන් භටපිරිස් විසින් ඉතා ගෞරවයෙන් රැගෙන විත් අල්තාරය පාමුල රැඳවිමෙන් අනතුරුව, සංකේතාත්මකව යුද්ධ හමුදාපතිතුමා සහ සේවයේ නියුතු සියළු සාමාජිකයන්ට, යුද්ධ හමුදා ධජය සහ අනෙකුත් සියළු ධජයන් හට දේව ආශිර්වාද පිරිනමන ලදී.

එම අවස්ථාවේ දී ශුද්ධ වු යාඥා මෙහෙය මගින් මියගිය රණවිරුවන්ටත්, යුද්ධයේදී හා අනෙක් අවස්ථාවන් හීදී තුවාල ලැබු යුද හමුදා සාමාජිකයන්ටත්, සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් දේව ආශිර්වාද පතන ලදී.

බොරැල්ල සියළු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පූජක පක්ෂය, බැප්තිස් පල්ලිය, මේතෝදිස්ට දේවස්ථානය සහ ඇග්ලිකන් දේවස්ථානයේ පූජක උතුමන් විසින් මෙම විශේෂ දේවමෙහෙය ඉටු කොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය ඇගය කරන ලදී.

කිතුනු ආගමික උත්සවය අවසානයේදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ශුද්ධ වු දේවස්ථානයේ සංවර්ධන කටයුතු සදහා මුදල් පරිත්‍යාගයක් ද සිදු කළහ. මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාපතිවරුන් වන ජෙනරාල් ලයනල් බලගල්ල සහ ජෙනරාල් දයා රත්නායක ද එක්ව සිටියහ.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සමගින් යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ පවුල්වල සාමාජිකයින්ද සමගින් මෙම දේවමෙහෙය සදහා සහභාගි වූහ.

Asics footwear | Nike Shoes