Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2017 08:50:48 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් සියෝල් නුවර සංචාරයට එක්වූ රෙජිමේන්තු සැරයන් මේජර් අත්දැකීම් බෙදාගැනීමට සැරසේ

යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් දකුණු කොරියාවේ සංචාරයට එක්වුණු ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බළලත් නිලධාරී I එච්.ඩී.ඩබ්ලිව්. පෙරේරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ බොහෝවිට ප්‍රථම වතාවට යුද්ධ හමුදාධිපතිවරයෙකු සමගින් එවැනි විදේශ දූත මෙහෙවරක යෙදුණු පළමු කොමිෂන් නොළත් සෙසුනිලධාරියා වන අතර, දකුණු කොරියානු යුද්ධ හමුදාවේ කොමිෂන් නොළත් නිලධාරීන් සහ සෙසුනිලයින් ඉටුකරන රාජකාරීන් සහ කාර්යභාරය පිළිබඳව අත්දැකීම් ලබාදීමේ අරමුණින් ඔහු මෙම දූත පිරිසට එක්කරගෙන තිබුණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කොමිෂන් නොළත් නිලධාරීන්ද දකුණු කොරියාව වැනි විදේශීය රටවලින් පාඩම් අත්දැකීම් ලබාගත යුතුය යන අදහස දරමින් ප්‍රථම වතාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම රෙජිමේන්තු සැරයන් මේජර්වරයා මෑතකදී කොරියාව බලා ගමන්ගත් තම හමුදා දූත පිරිසට එක්කරගන්නා ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සියෝල් නුවර පැවැති ශාන්තිකර හමුදා ප්‍රධානීන්ගේ සම්මන්ත්‍රණය වෙනුවෙන් දකුණු කොරියාව බලා සිදුකල තම සංචාරයට බළලත් නිලධාරි I එච්.ඩී.ඩබ්ලිව්. පෙරේරා ද එක්කරගන්නා ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් සැප්තැම්බර් මස 18 සිට 21 දක්වා ශාන්තිකර කලාපීය හමුදා ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවන අතුරතුර සංචාරයට එක්වූ රෙජිමේන්තු සැරයන් මේජර්වරයාටද දකුණු කොරියානු යුද්ධ හමුදාවේ සමාන නිලයින් සමගින් සුහදව හමුවීමේ මහඟු අවස්ථාවක් ලැබී තිබුණි.

දකුණු කොරියානු යුද්ධ හමුදා සාමාජිකයින් සමග සමීප සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්, සංචාරයට එක්වූ රෙජිමේන්තු සැරයන් මේජර්වරයාට දකුණු කොරියානු යුද්ධ හමුදා සංදර්ශන අභ්‍යාස, දේශසීමා හමුදා රාජකාරි සරඹ, සෙබළුන්ගේ ජීවන තත්වය සහ සෙසු නිලයින්ට හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරීන්ට අදාළ රාජකාරි සහ කාර්යභාරය පිළිබඳව දුර්ලභ අත්දැකීම් රාශියක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණි.

විදේශ සංචාරයට තමා එක්කරගැනීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය ප්‍රකාශ කරන රෙජිමේන්තු සැරයන් මේජර්වරයා එම සංචාරයේදී ලද අත්දැකීම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් එක්කිරීමට අපේක්ෂාවෙන් සිටී.

latest jordans | Nike