Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2017 10:36:56 Hours

යුද්ධ හමුදා ආබාධිත රණවිරුවන්ගේ කලා කෞශල්‍ය ‘ශීල්ප අභිමානී - 2017’ ප්‍රදර්ශනයේදී එළිදක්වයි

ජාතික ශීල්ප සභාව (National Crafts Council ) විසින් පවත්වනු ලබන ‘ශීල්ප අභිමානි - 2017’ ප්‍රදර්ශනයේදී යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් 43 දෙනෙකු විසින් සාමූහිකව හා කේවල වශයෙන් ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක සහ සම්ප්‍රදායික අත්කම් නිර්මාණයන් එළිදක්වනු ලබන ප්‍රදර්ශන කුටියක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘නුගසෙවණ’ ශාලාවේදී ඔක්තෝබර් මස 4 සිට 8 වන දින දක්වා පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා පුනුරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසුගේ සම්බන්ධතාවයෙන් යුද්ධ හමුදා රණවිරු සම්පත් කේන්ද්‍රය විසින් මෙය සම්බන්ධීකරණය කරන ලද අතර මෙම ප්‍රදර්ශණයේදී අත්කම් නිර්මාණ වැඩමුළුවක් සහ එම නිර්මාණ අලෙවිකරණය සඳහා නිර්මාණකරුවන්ට අවස්ථාව සැලසිනි.

මැටි, වේවැල්, තල්කොළ, කෘතීම මල් හා උණබට ආදී ද්‍රව්‍ය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද අත්කම් නිර්මාණ රැසක් මෙහිදී එළිදක්වනු ලැබීය.

මෙම ජාතික අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයේදී ක්ෂේත්‍ර 54 ක් යටතේ කාණ්ඩ 20 කට අයත් නිර්මාණ එළිදක්වන ලද අතර, ඊට අමතරව එම නිර්මාණ අතරින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානයන් හිමිකරගත් නිර්මාණකරුවන් සඳහා මුල්‍යමය ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදි.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන, තිරසාර සංවර්ධන සහ වනජිවි අමාත්‍ය ගරු ගාමිණි ජයවික්‍රම මැතිතුමන් සහභාගි වු අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි රෝසි සේනානායක මහත්මිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු ද ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වුහ.

trace affiliate link | Nike Air Max 270