2019-06-08 10:45:45
මහජනතාවට ආරක්ෂක විධිවිධාන කෙරෙහි ඇති විශ්වාසය යළි ඇති කරමින් හා තම විවේකය සතුටින් ගත කිරිමේ අවශ්‍යතාවය ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා නාට්‍ය හා රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායම...
2019-06-08 09:45:45
නව උසස්වීම් ලැබු නිලධාරීන් වන මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ සහ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩි.සී.කේ කොස්තා ඉකුත් සිකුරාදා (07) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි අතර...
2019-06-08 08:11:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකය නව තාක්ෂණික ක්‍රමවේදයන් රැසක් හඳුන්වාදෙමින් සිය 22 වන සංවත්සරය පසුගිය සිකුරාදා (07) දින නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ දී මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-06-07 18:46:35
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ‘තුරුළිය වෙනුවෙන් අපි’ ව්‍යපෘතියට රුකුලක් වෙමින් අයිසීසී සහ නිවාසී ඩිවලොපර්ස් පුද්ගලික සමාගම (Nivasi Developers Private Limited) එක්ව පැළ 600 ක ප්‍රමාණයක් සදුදා (3) දින හෝමාගම පිහිටි එම...
2019-06-07 15:00:00
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ. එස්. හේවාවිතාරණ ගේ මගපෙන්වීම මත 'මී මැසි' පාලනය පිළිබඳ වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින උදෑසන මාන්කුලම්, පුඩියකොලොනායි ප්‍රදේශයේ පිහිටි 3 වන ගජබා රෙජිමේන්තුවේ පැවැත්විණී. එම අවස්ථාව සඳහා නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්විය.
2019-06-07 14:44:00
ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක 05 හැදෑරීම සඳහා මෙරටට පැමිණි විදේශීය හමුදාවන්හි ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් ඉකුත් සිකුරාදා (7) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සිය පවුල්වල සාමාජිකයින් සමඟ පැමිණ සිටියහ.
2019-06-07 14:09:00
තුනුක්කායි ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව ‘එකට සිටිමු’ ව්‍යාපෘතියට සමගාමීව පසුගිය ඉරිදා (08) දින මූලතිව් හිදී පැවැති උත්සවයකට ජනාධිපති ජංගම සේවාව සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියස තොරණක් (ප්‍රදර්ශන පුවරුවක්) ඉදිකරන ලදී.
2019-06-07 14:08:00
‘අමිතිපුරම්’ ප්‍රාථමික විද්‍යාලයේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 652 වන බලසේනා යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිවිල් වැසියන් සමඟ එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (06) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.
2019-06-07 14:07:00
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 574 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්ෂණය යටතේ 3 වන ගජබා රෙජිමේන්තුව විසින් පසුගිය සිකුරාදා (07) දින ඕලුමඩු ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ රසාස්වාදය වෙනුවෙන් ‘විශ්වාසම්’ නැමති දමිළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලදී.
2019-06-07 14:00:00
කන්කසන්තූරේ තිස්ස මහා විහාරයේ නව චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ ආගමික උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (06) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.