Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2019 09:45:45 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගැනේ

නව උසස්වීම් ලැබු නිලධාරීන් වන මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ සහ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩි.සී.කේ කොස්තා ඉකුත් සිකුරාදා (07) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි හමුදා සම්ප්‍රදායානුකූලව එම මේජර් ජෙනරාල්වරුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණී නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව පැවති විශේෂ උත්සව අවස්ථාවට නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

සම්ප්‍රදායානුකූලව රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කල මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා වෙත රෙජිමේන්තු මූලස්ථානයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් සියලුම නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනී සිටි මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේ පැවැති දිවා භෝජන සංග්‍රහයක් වෙනුවෙන්ද සහභාගි වූහ. bridgemedia | Air Jordan Sneakers