Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2019 14:09:00 Hours

‘එකට සිටිමු’ ව්‍යාපෘතිය වෙනුවෙන් යුද්ධ හමුදාව තොරණක් (ප්‍රදර්ශන පුවරුවක්) ඉදිකරයි

තුනුක්කායි ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව ‘එකට සිටිමු’ ව්‍යාපෘතියට සමගාමීව පසුගිය ඉරිදා (08) දින මූලතිව් හිදී පැවැති උත්සවයකට ජනාධිපති ජංගම සේවාව සමඟ එක්ව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියස තොරණක් (ප්‍රදර්ශන පුවරුවක්) ඉදිකරන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුමගේ අධික්‍ෂණය යටතේ ඉකුත් අඟහරුවාදා (4) දින මෙම තොරණ එම ස්ථානයේ ස්ථාපිත කර තිබිණි. Authentic Sneakers | Autres