Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2019 14:08:00 Hours

‘අමිතිපුරම’ ප්‍රාථමික විද්‍යාලයේ සහ ‘මල්ලාවී’ මූලීක රෝහලේ පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපෘතින් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දායක වෙයි

‘අමිතිපුරම්’ ප්‍රාථමික විද්‍යාලයේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 652 වන බලසේනා යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිවිල් වැසියන් සමඟ එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (06) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට‍පිරිස් විසින් ක්‍රියාවට නංවන ලදී.

එමෙන්ම, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 43 දෙනෙකු ඇතුළු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 15 දෙනෙකුද එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගෙන්ද ලැබුණු සහයෝගය මත පසුගිය බ්‍රහස්පතින්දා (06) දින මල්ලාවී මූලික රෝහලේ සිදු කරනු ලැබූ ශ්‍රමදානයක් තුළින් එම රෝහල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ ඉතා සාර්ථක අයුරින් දියත් කර තිබුණී. Nike sneakers | Zapatillas de running Nike - Mujer