Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2019 18:46:35 Hours

පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන් පිරිසක් යුද්ධ හමුදාව වෙත පැළ තොගයක් ලබාදෙයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ‘තුරුළිය වෙනුවෙන් අපි’ ව්‍යපෘතියට රුකුලක් වෙමින් අයිසීසී සහ නිවාසී ඩිවලොපර්ස් පුද්ගලික සමාගම (Nivasi Developers Private Limited) එක්ව පැළ 600 ක ප්‍රමාණයක් සදුදා (3) දින හෝමාගම පිහිටි එම ආයතනයේදී බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වෙත පරිත්‍යාග කර තිබිණි.

පරිත්‍යාග කළ පැළ අතර, කරඳ පැළ 299ක්, ඇහැළ පැළ 30 ක්, මී පැළ 140 ක්, කුඹුක් පැළ 80 ක් සහ කොබෝනීල පැළ 50 ක් ද වේ. මෙම පැළ ප්‍රමාණය කඩිනමින් අවශ්‍ය ප්‍රදේශවල රෝපණය කිරීම සඳහා යුද්ධ හමුදාව වෙත බෙදා හැරිමට නියමිතය.

යුද්ධ හමුදාව කෙරෙහි තැබු විශ්වාසය වෙනුවෙන් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පරිත්‍යාග ශීලීන් හට සිය ස්තූතිය පුද කළේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්වූහ.Sports brands | AIR MAX PLUS