2020-09-18 11:08:26
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පදවි, ශ්‍රී පුර ප්‍රදේශයේ ස්ථාපිත 62 වන සේනාංකයේ දසවර්ෂාභිෂේකය ආගමික වතාවත් මධ්‍යයේ 2020 සැප්තැම්බර් මස 10 වන දිනමහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය. සංවත්සරයට සමගාමීව, බෝධිපූජා පිංකමක්, දානමය පිංකමක් සහ සේනාංකයේ භටපිරිස් අතර අනෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විණි.
2020-09-18 10:08:26
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගත් බ්‍රිගේඩියර් නිශාන්ත මානගේ ඉකුත් අඟහරුවාදා (15) දින අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සෑරඳුන් සහ මිරිසවැටිය චෛත්‍ය රාජ්‍යයාණන් වැඳපුදා ආශිර්වාද ලබාගනු ලැබීය.
2020-09-17 23:50:59
‘ජාතික ඔසු දිනයට’ සමගාමීව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ‘සුව ධරණි’ ජාතික වැඩසටහන යටතේ යුද්ධ හමුදා මුලස්ථානයට පිවිසෙන මාර්ගය දෙපස ඖෂධීය වටිනාකමකින් යුතු පැළ...
2020-09-17 22:56:26
මෙම වසරෙහි නොවැම්බර් මස පැවැත්වීමට සූදානම්ව පවතින ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරඟාවලිය හා ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැවැත්වීම සඳහා අවැසි උපදෙස් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ප්‍රධානීන් පිරිසක් අඟහරුවාදා (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
2020-09-17 19:02:21
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමග ප්‍රධාන සංඥා නිලධාරි, තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ ඇතුළු තොරතුරු තාක්ෂණ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් ඉකුත් අඟහරුවාදා (15) දින යුධ හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවති අතර, එහිදී මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රයන් නිකුත් කිරීමේ ක්‍රියාවලිය යුද්ධ හමුදාව වෙතින් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි.
2020-09-17 15:22:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් සුවිශේෂි මෙන්ම මනා වෘත්තීය නිපුනතාවයකින් යුතු විශිෂ්ඨ ගණයේ රෙජිමේන්තු ද්විත්වයක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන් ලොව පුරා ප්රකටව ඇත්තේ සැඟවී සතුරාට ක්ෂණික ප්‍රහාර එල්ල කිරීමේ ඇති හැකියාව...
2020-09-17 13:30:23
මින්නේරියෙහි ස්ථාපිත නැගෙනහිර - ඉදිරි නඩත්තු පෙදෙසේ 26 වන සංවත්සරය ආගමික වත්වත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් සඳුදා (14) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-09-17 13:20:23
64 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි එම සේනාංක මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හා හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුුතු භාරගනු ලැබීණි.
2020-09-17 12:18:23
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කිසිදු කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයෙකු වාර්ථා වී නොමැති බව කොවිඩි-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
2020-09-17 10:18:23
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 642 වන බලසේනා බලප්‍රදේශයේ ඇති 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විදේශීය ධානපතියන් පිරිසකගේ උපකාර ඇතිව එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන් දෙදෙනෙකුගේ අනාගත අභිවෘද්ධියට රුකුලක් වෙමින් ඉකුත් අඟහරුවාදා (15) දින ඔවුන් වෙත මූල්‍යාධාර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.