Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2020 13:20:23 Hours

64 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

64 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස බ්රිගේඩියර් අජිත් පල්ලාවල ඉකුත් බ්රහස්පතින්දා (15) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි එම සේනාංක මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් මධ්යයේ හා හමුදා සම්ප්රදායානුකූලව සිය රාජකාරි කටයුුතු භාරගනු ලැබීණි.

64 වන සේනාංක මූලස්ථාන පරිශ්රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව, 14 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන ආචාර මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් ඉදිරිපිට දී බ්රිගේඩියර් අජිත් පල්ලාවෙල ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබිණි. පසුව, තම රාජකාරි ඇරඹුම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්රයේ පැළයක් ද රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් අනතුරුව, එම සේනාංකයේ සියළු නිලයන් අමතමින් එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ ඔවුන් දැනුවත් කළේය.

ඉන් අනතුරුව පැවැති සියළු නිල තේ පැන් සංග්රහයක් සමගින් එදිනට යෙදුනු වැඩ කටයුතු අවසන් වූ අතර එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 64 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. affiliate link trace | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth