Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2020 12:18:23 Hours

ගෙවීගිය පැය 24 තුළ කිසිදු ආසාදියකු වාර්තා නොවුනු බව කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කිසිදු කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයෙකු වාර්ථා වී නොමැති බව කොවිඩි-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (17) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් 528 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 ක්, ආගන්තුක කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 ක්, පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ දී ආසාදිත තැනැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ එක් පුද්ගලයෙකු (01) වශයෙන් වාර්ථා වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ (16) දින රාත්‍රි UL 206 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් මස්කට් සිට පුද්ගලයින් 280 ක් ද, TST VHYQP දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් පිරිසක් සහ අද (17) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 35 ක් සහ 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට තවත් පුද්ගලයින් පිරිසක් ද, අද (17) දින මධ්‍යහනේ දී EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් තිදෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (17) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 608 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 14 ක්, බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 60 ක්, බෙකන් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 14 ක්, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 11 ක්, සීගිරි විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු‍්, පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 214 ක්, බ්‍රැන්ඩික්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 193 ක්, නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 87 ක් සහ හොටෙල් අමායා බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 14 ක් වශයෙන් වේ.

එසේම, අද (17) දිනය වනවිට පුද්ගලයින් 41,861 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (17) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුළ පුද්ගලයින් 6,270 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (16) දිනය තුලදී PCR පරික්‍ෂණ 1690 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 259,778 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (17) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් පස් දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 638 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු වේ. jordan release date | Women's Nike Superrep