Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2020 13:30:23 Hours

නැගෙනහිර - ඉදිරි නඩත්තු පෙදෙසේ 26 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

මින්නේරියෙහි ස්ථාපිත නැගෙනහිර - ඉදිරි නඩත්තු පෙදෙසේ 26 වන සංවත්සරය ආගමික වත්වත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් සඳුදා (14) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සරයට සමගාමීව, ඉකුත් බදාදා (09) දින මින්නේරිය ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලද අතර එම මුලස්ථානයට ආශිර්වාද එක්කරමින් 14 වන සඳුදා සෝමාවතී විහාරස්ථාන පුදබිමේදී බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි.

සංවත්සර දිනයේ, මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් අතුල ආරියරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාර පිරිනැමීය. සංවත්සරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ආඥාපතිතුමන් සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. සංවත්සර දින වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Nike Sneakers | Sneakers Nike