Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2020 23:50:59 Hours

‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතිය සහ ‘සුව ධරණි’ ජාතික වැඩසටහන එක්ව යුද්ධ හමුදා මුලස්ථානයට පිවිසෙන මාර්ගය දෙපස ඖෂධීය ශාකසාර පැළෑටි රෝපණය කරයි

‘ජාතික ඔසු දිනයට’ සමගාමීව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ‘සුව ධරණි’ ජාතික වැඩසටහන යටතේ යුද්ධ හමුදා මුලස්ථානයට පිවිසෙන මාර්ගය දෙපස ඖෂධීය වටිනාකමකින් යුතු පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (17) දින යුද්ධ හමුදා මුලස්ථානය විසින් ආරම්භ කරන ලදී.

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියේ පූරෝගාමී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනආරච්චි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු ඖෂධ පැළය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් රෝපණය කෙරිණි. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

මෙම වැඩසටහන අතරතුරදී යුද්ධ හමුදා සාමාජිකයින් සඳුන්, ආඩතොඩා, අනෝදා, මී, නික, හාතවාරිය, අශෝක, බිම්කොහොඹ, කොහොඹ, කරද, බුලු, නෙල්ලි ඇතුළු ඖෂධ පැළෑටි 100 කට අධික ප්‍රමාණයක් රෝපණය කරමින් මෙම ව්‍යාපෘතිය සවිබල ගන්වන ලදී.

මේ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය ආසන්නයේ සිට යුද්ධ හමුදා මුලස්ථානයේ පිවිසුම් දොරටුව දක්වා දිවෙන මාර්ගය ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතිය යටතේ සවිබල ගන්වමින් පවතින අතර පසුගිය වසරේ නොවැම්බර් මස ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ පුරන් වූ කුඹුරු අස්වැද්දිම, ශාරිරික යෝග්‍යතා මංතීරු සහ ළමා උද්‍යාන ඉදිකිරීම ආදී විවිධ සමාජ සතකරක ව්‍යාපෘතින් සිදුකෙරිණි. latest jordan Sneakers | Sneakers