Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2020 19:02:21 Hours

රජයේ ඉල්ලීම පරිදි රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද්ධ හමුදාව භාරගනියි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමග ප්‍රධාන සංඥා නිලධාරි, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ ඇතුළු තොරතුරු තාක්‍ෂණ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් ඉකුත් අඟහරුවාදා (15) දින යුධ හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවති අතර, එහිදී මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රයන් නිකුත් කිරීමේ ක්‍රියාවලිය යුද්ධ හමුදාව වෙතින් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ගේ නිර්දේශයකට අනුව අදාළ අංශ කිහිපයක් සැලකිල්ලට ගනිමින් පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද්ධ හමුදාවට භාරදීමට වර්ෂ 2020 ජූලි මස 01 දින පැවති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කරනු ලැබිණි.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය හා සබැඳි සියළු කටයුතු යුද්ධ හමුදාව වෙත භාරදීම වර්ෂ 2021 ජනවාරි මස 01 දින වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සාකච්ඡාව සඳහා සහභාගී වූ අනෙකුත් සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද ශක්‍යතා සහ යෝජිත ක්‍රියාකාරී සැලසුම් පරික්‍ෂා කළ අතර එම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරගෙන යාම පිළිබඳව අවශ්‍ය උපදෙස් ඔවුන් වෙත ලබාදෙන ලදී.

තවද, මෙම ව්‍යාපෘතිය තුලින් ‘යුද්ධ හමුදාව ජාතික තොරතුරු තාක්‍ෂණ කේන්ද්‍රස්ථානයක්’ ලෙස ස්ථාපිත කරමින් රටේ අනාගත ජාතික මට්ටමේ තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතීන් සඳහා සහයවීමේ හැකියාව පිළිබඳව ද කරුණු සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාව වෙනුවෙන් ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අදීප තිලකරත්න, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අශෝක පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Adidas shoes | jordan Release Dates