2021-03-20 22:30:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 31 වන රෙජිමේන්තු දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (19) දිනගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරු පරිශ්‍රයේ දී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විය.
2021-03-20 22:15:27
කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා අනුඛණ්ඩය විසින් අස්වැද්දූ කුඹුරු වලින් වී අස්වනු නෙලීම පසුගිය සෙනසුරාදා (13) දින චාරිත්රා වාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරන ලදී.
2021-03-20 22:00:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් සිදුකරනු ලබන අධ්‍යාපනික දේශන මාලාවට සමගාමීව ‘යහපත් සොල්දාදුවන්ගෙන් තොර හමුදාවක් නොමැත’මාතෘකාව ඔස්සේ පැවැත්වෙන තවත් එක් දේශනයක් පසුගිය සිකුරාදා (19) දින පැවැත්විය.
2021-03-20 20:00:27
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ මහජන බැංකු මූලස්ථානයේදී මාර්තු මස 8 දින සංවිධානය කරන ලද විශේෂ උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරී මේජර් ඩී. සී. එන්. බොඹුවල සහභාගී වූවාය.
2021-03-20 19:30:27
අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 349 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණිශ්රී ලාංකිකයෝ වෙති. ඉතිරි පුද්ගලයින් 346 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තාවේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 229 ක් ලෙසය. ඊට අමතරව,ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 78 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-03-20 19:00:27
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අගනා සේවය පැසසුමට ලක්කරමින් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින කදුරුවෙල කොමර්ෂල් බැංකු ශාඛාව විසින් හබරන පිහිටි 53 වන සේනාංක මූලස්ථානය වෙත නවීන උපාංග සමඟ ශබ්ද පරිපාලන කට්ටලයක් (Sound Setup) පරිත්‍යාග කරන ලදී.
2021-03-20 13:08:48
ඕමන්තේ පිහිටි 563 වන බලසේනා මූලස්ථානයේ ඉදිකරනු ලැබූ නව මුරහල පසුගිය බ්‍රහස්පතින්දා (18) දින එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ සුරතින් විවෘත කළේය.
2021-03-18 18:30:01
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 322 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 24 දෙනෙකු...
2021-03-18 18:00:01
දියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේලන්හින්න ප්‍රදේශයේ ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින වේගයෙන් පැතිරගිය ලැව් ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් මැදිහත්වීමෙන් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2021-03-18 16:00:01
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ මාර්තු මස 16 සහ 17 දිනවල 11 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරත වූයේය.මෙම සංචාරය අතරතුර මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ 111 වන බලසේනා මුලස්ථානය, 2 වන...