Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2021 22:30:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ දිවිපිදූරණවිරුවන්ට පුෂ්පෝපහාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 31 වන රෙජිමේන්තු දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (19) දිනගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරු පරිශ්‍රයේ දී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විය.

මෙම වැඩසටහන, භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් ගේ දායකත්වය සහිතව 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් සංවිධානය කරනු ලැබිණි. මෙම අවස්ථාවට මියගිය රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගී වූහ.

මෙම රණවිරු සැමරුම් උත්සවය2 වනශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රණවිරු ස්මාරකය අභියස දී විවිධ ආගමික චාරිත්‍රයන්ට අනුකූලව පැවැත්විය.

එහිදී, මියගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුවහිරු බැසයෑමත් සමඟ වාදනය කරනයුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල බියුගල් නාදය මධ්‍යයේ උත්සව කටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල්, විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලක්‍ෂ්මන් බමුණුසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ. Authentic Nike Sneakers | nike air force 1 shadow , eBay