Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2021 20:00:27 Hours

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි වෙත මහජන බැංකුවෙන් ඇරයුම්

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ මහජන බැංකු මූලස්ථානයේදී මාර්තු මස 8 දින සංවිධානය කරන ලද විශේෂ උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරී මේජර් ඩී. සී. එන්. බොඹුවල සහභාගී වූවාය.

මෙම උත්සවය මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ, ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු මහතා සහ සාමාන්‍යාධීකාරිතුමන් විසින් සංවිධානය කරනු ලැබූහ.      

උත්සවය අතරතුර සිය දේශනය පවත්වමින් මේජර් ඩී. සී. එන්. බොඹුවල සිය අත්දැකීම් සියල්ලන් සමඟ බෙදාගත්තාය. මෙම අවස්ථාවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. එම්. ජේ. වයි. ජී. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කුමුදුනි හේරත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චම්පා වීරසිංහ, ප්‍රවීණ කලා ශිල්පී රේණුකා බාලසූරිය මහත්මිය සහ තවත් කාන්තා වෘත්තිකයින් රැසක් සහභාගී වූහ. Running sneakers | nike air jordan lebron 11 blue eyes black people