Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2021 19:30:27 Hours

නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයින් 9,881 දෙනෙකු තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නියැළෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 349 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණිශ්‍රී ලාංකිකයෝ වෙති. ඉතිරි පුද්ගලයින් 346 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තාවේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 229 ක් ලෙසය. ඊට අමතරව,ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 78 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (21)දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහපෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 85,790ක් වේ. ඉන් පුද්ගලයින් 85,066 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සියලුදෙනා ද මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (21) දිනඋදෑසන වනවිට,පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ පොකුරේ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව82,731 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 89,845 ක් වේ. ඉන් පුද්ගලයින් 86,465 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (21) දිනඋදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,835 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (21) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 239 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (21) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීඑක් අයෙකු මියගොස් ඇත. ඔහු බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (21) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 545 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (21) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයින් 9,881 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (20) දිනය තුල PCR පරික්‍ෂණ 7,246 ක් සිදුකර ඇත. Authentic Sneakers | Nike Shoes, Sneakers & Accessories