Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2021 22:15:27 Hours

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල අනුඛණ්ඩයේ කුඹුරු යායේ අස්වනු නෙලීමේ මංගල්‍යය පැවැත්වේ

කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා අනුඛණ්ඩය විසින් අස්වැද්දූ කුඹුරු වලින් වී අස්වනු නෙලීම පසුගිය සෙනසුරාදා (13) දින චාරිත්‍රා වාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව අස්වැද්දු මෙම කුඹුරු යායෙහි බිම් සැකසීමේ සිට අස්වනු නෙලීම දක්වා සියලු කටයුතු සිදුකරන ලද්දේ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා අනුඛණ්ඩයේ භටපිරිස් විසිනි. යුද්ධ හමුදා භටපිරිස් සිදුකළ කැපකිරීමේ ප්‍රතිපලයක් වශයෙන් මාස හතරකට ආසන්න කාලයකදී එහි අස්වැන්න නෙලාගන්නා ලදී.

පුරාණ චාරිත්‍රානුකූලව පැවති මෙම අස්වනු නෙළීමේ මංගල්‍යය සඳහා 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී. එස්. දේමුණි සහභාගී වූයේය. උත්සවය ආරම්භයේ ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව නිලධාරින් සහ සෙසු නිලයින් අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කළහ. best shoes | adidas Yeezy Boost 350