Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2021 22:00:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක නිලධාරින් දැනුවත්කිරීමේ දේශනයක් පවත්වයි 

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් සිදුකරනු ලබන අධ්‍යාපනික දේශන මාලාවට සමගාමීව ‘යහපත් සොල්දාදුවන්ගෙන් තොර හමුදාවක් නොමැත’මාතෘකාව ඔස්සේ පැවැත්වෙන තවත් එක් දේශනයක් පසුගිය සිකුරාදා (19) දින පැවැත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් පවත්වනු ලැබූ මෙම දේශනයේදී අදාළ මාතෘකාව ඔස්සේ කරුණු දක්වමින් පරිපූර්ණ සහ තවත් පුද්ගලයෙකුට ආදර්ශයට ගතහැකි යුද්ධ හමුදා නිලධාරියෙකු මෙන්ම කැපී පෙනෙන හා අද්විතීය පුද්ගලයෙකු වීම සඳහා නිලධාරියෙකු සතු වියයුතු ගුණාංග පිළිබඳ පැහැදිලි කළේය.

දේශනය සඳහා සහභාගී වූවන්ගේ ප්‍රබෝදමත් සිතුවිලි නිර්මාණය කිරීම, කාර්ය බහුලත්වය මුදාහරිමින් දෛනික ක්‍රියා පටිපාටීන් ලිහිල් මනසකින් ඉටුකිරිමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරමින් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ දේශනය පැවැත්වූවේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කර්නල් සම්බන්ධීකරණ නිලධාරින්, රෙජිමේන්තු ස්වෙච්ඡා සම්බන්ධීකරණ නිලධාරින් සහ ස්වෙච්ඡා බලසේනාවට අයත් ඒකකයන් වල අණදෙන නිලධාරින් ද සහභාගී වූහ.

මෙම දේශනය අදියර කිහිපයක් යටතේ ඉදිරියටත් පැවැත්වෙන අතර එහි පළමු අදියර පසුගිය සිකුරාදා මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් පැවැත්වූවේය. bridgemedia | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News