2024-04-10 12:43:34
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ 59 සහ 64 පාබල සේනාංකයන් වෙතින් 2024 අප්‍රේල් මස 07 දින මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පිහිටි ‘ඩයමන්ඩ්’ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-04-10 12:41:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2024-04-10 12:00:59
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුමට සමගාමීව 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 08 දින ‘පීටර් වීරසේකර’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 35 දෙනෙකු වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
2024-04-10 11:30:59
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 අප්‍රේල් මස 07 දින නිල සංචාරයක නිරත විය.
2024-04-10 11:00:59
14 පාබල සේනාංකයේ අභිමානවත් 13 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පි ගේ මඟපෙන්වීම මත 2024 අප්‍රේල් මස 06 දින සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.
2024-04-09 16:28:36
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව ප්රතිසංස්කරනය කරනු ලබන ඔඩ්ඩුසුඩාන්, කුලාමුරිප්පු උළු කර්මාන්ත ශාලාවෙහි, 2024 අප්‍රේල් මස 07 දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-04-09 16:27:56
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී 2024 මාර්තු මස 05 දින ‘නාකුරා’ (Naqoura) ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
2024-04-09 16:24:19
තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී 2024 මාර්තු 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී ධූරයේ වැඩ භාරගන්නා ලදී.
2024-04-09 13:25:58
ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 36 විසිර යාමේ පෙළපාලිය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පැවැත්විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූහ.
2024-04-09 13:22:08
561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඒ මලන්දෙණිය ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ 10 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් විශ්වමඩු ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමග එක්ව 2024 අප්‍රේල් මස 4 සහ 5 දිනයන්හි දී පලිනගර් මහා විද්‍යාලයේ සහ කනගරායන්කුලම් පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කරන ලදී.