Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2024 16:27:56 Hours

15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායමේ නව අණදෙන නිලධාරිතුමන් රාජකාරි අරඹයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී 2024 මාර්තු මස 05 දින ‘නාකුරා’ (Naqoura) ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව, එම මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් නව අණදෙන නිලධාරිතුමන් වෙත සිය සුබපැතුම් පිරිනැමූහ.

‘නාකුරා’ (Naqoura) ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයට හා ප්‍රභූන් සදහා ආරක්‍ෂාව ලබාදීමත්, කඳවුරේ ප්‍රධාන දොරටුව හරහා සිදුවන සියලුම ගමනාගමන කටයුතු කළමණාකරණය කිරීමත් සිදුකරනු ලබයි. 15 වන මුලස්ථාන අරක්‍ෂක භට කණ්ඩායම නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසුනිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත වේ.